Day: July 21, 2021

අරුණ පී රොද්‍රිගෝ කැලිෆෝනියා ප්‍රාන්තයේ පළමු ලාංකික උපරිමාධිකරණ විනිසුරු වෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පළමු ශ්‍රී ලාංකික උපරිමාධිකරණ විනිසුරු බවට අරුණ පී රොද්‍රිගෝ පත්වී තිබේ. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා ඇති ඔහු වයස අවුරුදු 09 දී අමෙරිකාවට සංක්‍රමණය වී ඇත. 2008 වසරේ සිට කැලිෆෝනියාවේ නීතිය පුහුණුවීම් ආරම්භ කල අරුණ පී රොද්‍රිගෝ ඉහළ තනතුරු රැසක්ද හොබවා ඇත. San Diego State විශ්ව විද්‍යාලයෙන් අපරාධ නීතිය පිළිබඳ උපාධිය ලබා ඇති ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය සහ දර්ශනපති උපාධියද ලබා ඇත්තෙකි. ඔහුගේ බිරිඳ ද කැලිෆෝනියා උපරිමාධිකරණයේ විනිසුරුවරියකි.  

Read More »

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් Lockdown තත්වයේ

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් මේ වනවිට Lockdown තත්වයේ පසුවෙයි. ඒ ඊයේ සවස 06 සිට දකුණු ඔස්ටේ්‍රලියාවත් Lockdown කිරීමත් සමගයි. මේ අනුව වික්ටෝරියා / නිවු සවුත් වේල්ස් / දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත 03 ම මේ වනවිට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා වසා දමා තිබේ. වික්ටෝරියා ප්‍රාන්තය ලබන 27 වැනිදා දක්වා lockdown කරන බව  ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews නිවේදනය කළේය. ඊයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 78 ක් හමු වී තිබේ. දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුල

Read More »

පර්ත් හෝටල් නිරෝධායනයේ සිටි අයෙකු Bed sheet යොදා ගනිමින් කාමරයෙන් පළායයි

බටහිර ඔස්ටේ්‍රලියාවේ හෝටල් නිරෝධායනයේ යෙදී සිටි පුද්ගලයෙකු ඇඳ ඇතිරිලි යොදා ගනිමින් කාමරයෙන් පළායාමේ පුවතක් වාර්තා වෙයි. 39 හැවිරිදි මොහු පසුව අත්අඩංගුවට ගෙන ඇත. බ්‍රිස්බන් සිට පර්ත් දක්වා පැමිණ ඇති මොහු නියමිත කොන්දේසි සපුරා නොමැති බැවින් ආපසු හරවා යැවීමටයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත බළධාරීන් කටයුතු කර ඇත්තේ. ඒ අනුව පැය 48 ක් හෝටල් නිරෝධායනයේ යෙදී සිටීමෙන් පසු නැවත බ්‍රිස්බන් දක්වා ගුවන් මගින් ඔහු පිටත් කර යැවීමට නියමිතව සිටියදීයි මෙම පුද්ගලයා හෝටලයෙන් පළාගොස් ඇත්තේ. ඊයේ අලුයම 12.45 ට

Read More »