පර්ත් හෝටල් නිරෝධායනයේ සිටි අයෙකු Bed sheet යොදා ගනිමින් කාමරයෙන් පළායයි

බටහිර ඔස්ටේ්‍රලියාවේ හෝටල් නිරෝධායනයේ යෙදී සිටි පුද්ගලයෙකු ඇඳ ඇතිරිලි යොදා ගනිමින් කාමරයෙන් පළායාමේ පුවතක් වාර්තා වෙයි.

39 හැවිරිදි මොහු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිස්බන් සිට පර්ත් දක්වා පැමිණ ඇති මොහු නියමිත කොන්දේසි සපුරා නොමැති බැවින් ආපසු හරවා යැවීමටයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත බළධාරීන් කටයුතු කර ඇත්තේ.

ඒ අනුව පැය 48 ක් හෝටල් නිරෝධායනයේ යෙදී සිටීමෙන් පසු නැවත බ්‍රිස්බන් දක්වා ගුවන් මගින් ඔහු පිටත් කර යැවීමට නියමිතව සිටියදීයි මෙම පුද්ගලයා හෝටලයෙන් පළාගොස් ඇත්තේ.

ඊයේ අලුයම 12.45 ට පමණ මොහු 04 වන මහලෙන් පැන ගොස් ඇති අතර පැය 08 ක මෙහෙයුමකින් පසු ඔහු සොයාගැනීමට ආරක්ෂක අංශ සමත්විය.

 

Pic – 9News

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »