අරුණ පී රොද්‍රිගෝ කැලිෆෝනියා ප්‍රාන්තයේ පළමු ලාංකික උපරිමාධිකරණ විනිසුරු වෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පළමු ශ්‍රී ලාංකික උපරිමාධිකරණ විනිසුරු බවට අරුණ පී රොද්‍රිගෝ පත්වී තිබේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා ඇති ඔහු වයස අවුරුදු 09 දී අමෙරිකාවට සංක්‍රමණය වී ඇත.

2008 වසරේ සිට කැලිෆෝනියාවේ නීතිය පුහුණුවීම් ආරම්භ කල අරුණ පී රොද්‍රිගෝ ඉහළ තනතුරු රැසක්ද හොබවා ඇත.

San Diego State විශ්ව විද්‍යාලයෙන් අපරාධ නීතිය පිළිබඳ උපාධිය ලබා ඇති ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය සහ දර්ශනපති උපාධියද ලබා ඇත්තෙකි.

ඔහුගේ බිරිඳ ද කැලිෆෝනියා උපරිමාධිකරණයේ විනිසුරුවරියකි.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »