BMW – Audi මෝටර් රථ 02 ක් සොරා ගත් Cranbourne හා Dandenong 03 ක් අල්ලයි

BMW සහ Audi වර්ගයේ සුපිරි මෝටර් රථ 02 ක් සොරා ගත් අවුරුදු 17 ක තරුණයෙකු / 17 ක තරුණියක සහ 14 ක පිරිමි ළමයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Hastings සිට Geelong දක්වා ධාවනය කරමින් තිබියදී අද පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබිණ.

Balwyn North හි Lemon Road හිදී Audi මෝටර් රථය ඊයේ රාත්‍රියේ සොරකම් කර ඇති අතර Braeside හිදී BMW මෝටර් රථය සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Monash Freeway, Westgate Freeway හා Princes Freeway හිදී රථ නතර කිරීමට පොලිසිය දුන් උපදෙස් නොතකා එය ධාවනය කරවා තිබිණ.

සැකකරුවන් අතර සිටින 17 හැවිරිදි තරුණයා Cranbourne හි පදිංචි අයෙකු වන අතර 17 හැවිරිදි තරුණිය Cranbourne West හි පදිංචිකාරිණියකි.

14 හැවිරිදි පිරිමි ළමයා Dandenong පදිංචිකරුවෙකු බව වික්ටෝරියා පොලිසිය කියයි.

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »