Day: June 10, 2021

NSW ප්‍රාන්තයට සති 02 කට වරක් විදෙස් සිසුන් 250 ක් බැගින් / පළමු කණ්ඩායම අගෝස්තුවට පෙර

ජාත්‍යන්තර සිසුන්ට නැවතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන ආයතන වෙත පැමිණීමට ඉඩ විවර වී තිබෙනවා. NSW ප්‍රාන්ත මුදල් අමාත්‍ය Dominic Perrottet පැවසුවේ ඉතාම නුදුරේ සිට සති 02 කට වරක් සිසුන් 250 ක් බැගින් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට විධිවිධාන සකස් කෙරෙමින් ඇති බවයි. පළමුවෙන් ඔවුන් සිඩ්නි නගරයේ පිහිටා ඇති රජයේ ගොඩනැගිල්ලක නිරෝධායනය වීමෙන් අනතුරුව මුදා හැරෙනු ඇති. දැනටමත් සතියකට 3000 කට ආසන්න ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් රටට ගෙන්වා ගෙන සිඩ්නි හිදී නිරෝධායනයට ලක් වනවා. පළමු සිසුන් කණ්ඩායම සති

Read More »

වික්ටෝරියා සිට ආ කොවිඩ් ආසාධිත යුවළ නිසා NSW හි තවත් ස්ථාන ගණනාවක් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට පැමිණි කොවිඩ් ආසාධිත යුවළ හේතුවෙන් නිවු සවුත් වේල්ස් හි තවත් ස්ථාන ගණනාවක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. ඔවුන් දින 04 ක් Regional NSW හි කාලය ගතකර ඇති බවයි අනාවරණ වන්නේ. මෙම ස්ථානවල සිටි පුද්ගලයන් සම්බන්ධ කරගෙන ඔවුන් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමු කරවීමටයි NSW සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන්නේ. The Bakehouse in Forbes on June 1 between 2.30pm-2.50pm. Browns Sportspower in Forbes on June 1 between 3pm-3.30pm. Best and Less in Dubbo on June 2 between

Read More »

ලාංකික දමිළ පවුලට ලංකාවටම යන්න වෙන ළකුණු – අමෙරිකා / නවසීලන්ත රැකවරණය වැට උඩ

ඔස්ටේ්‍රලියාව තුළ මේ වනවිට දැඩි කථාබහකට ලක්වී සිටින ලාංකික සම්භවයක් සහිත දමිළ පවුලට ඇමරිකා එක්සත් ජනපදයේ හෝ නවසීලන්තයේ පදිංචිය සඳහා අවසර ලබාගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ. ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන Karen Andrews පවසන්නේ ඔවුන්ට ඔස්ටේ්‍රලියාවේ සරණාගත තත්වයක් නොමැතිවීම ඊට හේතුව බවයි. ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය අතර සරණාගතයින් සඳහා විධිවිධාන ඇතත් මෙම පවුල එම තත්වයේ නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කොට සිටී. 2019 වසරේ සිට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින මෙම පවුල සම්බන්ධයෙන් මෑතක සිට යළිත්

Read More »

වසර 122 කට පසු ජූනි මාසයේ දිනයකදී සිඩ්නි නගරයට බලපෑ ශීතලම දිනය අද

වසර 122 කට පසු ජූනි මාසයේ දිනයකදී සිඩ්නි නගරයට බලපෑ ශීතලම දිනය ලෙස අද සටහන්වී තිබේ. අද දිනයේ සිඩ්නි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.3 ලෙස වාර්තා විය. එමෙන්ම වසර 37 කට පසු සටහන්වූ සිසිල්ම දිනය ද එයයි. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකටම අද දිනයේදී හිම පතිත වී ඇති බවයි කාළගුණ අංශ කියාසිටියේ. ප්‍රාන්තයේ අධිකම ශීතල සහිත ප්‍රදේශය බවට Cooma පත්වූයේ සෙල්සියස් අංශක 1.2 ක උෂ්ණත්වයක් සමගයි. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසකටම අද බලපා තිබූණේ

Read More »

ලංකාව ඉතිහාසයේ දරුණුතම පාරිසරික හානිය අභියස ???

කොළඹ වරායට ඔබ්බෙන් වු සාගර කලාපයේදී අනතුරට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයෙන් විශාල තෙල් පැල්ලමක් නිරීක්ෂණය වී ඇතැයි ස්කයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරනවා. චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව වාර්තා කරන්නේ. නෞකාව පසුගිය 02 වනදා සිට ගිලී යාම ආරම්භ වුණා. මෙම තෙල් බවට සැකකළ හැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බව සඳහන්. එය පවතින සුළං තත්වයත් සමග තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවටද අනතුරු ඇගවෙනවා. https://twitter.com/SkyNews/status/1402606501659807750?s=20   Pic: Planet Labs

Read More »