Day: June 10, 2021

ඇස්ට්‍රා සෙනෙකා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසී තවත් ඔස්ටේ්‍රලියානුවෙකු මරුට

ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමකට ලක්වීමෙන් තවත් ඔස්ටේ්‍රලියානුවෙකු මියගොස් තිබේ. නිවු සවුත් වේල්ස් හි පදිංචි 52 හැවිරිදි කාන්තාවක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මෙය ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැනීමෙන් පසු ඔස්ටේ‍රලියානුවෙකු මියගිය දෙවන අවස්ථාවයි. නිව් සවුත් වේල්ස්හි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් පසු 48 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් මාසයේදී මිය ගියාය. වයස අවුරුදු 50 ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පමණක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දැනට නිර්දේශ කරනුයේ රුධිර කැටි ගැසීමේ අවදානම හේතුවෙනි.

Read More »

මෙල්බර්න් Face-mask නීතියට යළිත් වෙනසක් / අද රෑ සිට එළිමහනේත් අනිවාර්යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නාගරික කලාපය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත Lockdown නීති ලිහිල් කිරීමේදී මුහුණු ආවරණ නීතිය සංශෝධනය කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ අද එනම් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නාගරික කලාපය තුළ ගෘහස්ථ කටයුතුවලදී පමණක් මුව ආවරණ තවදුරටත් අනිවාර්ය වන බවයි. එළිමහන් අවස්ථාවලදී එය අනිවාර්ය නැතැයිද ඔහු සඳහන් කලා. කෙසේවෙතත් අද දිනයේදී ප්‍රාන්ත වැඩ බලන අගමැතිවරයා කියාසිටියේ සෑම එළිමහන් අවස්ථාවකදී පවා මුහුණු ආවරණ පැළඳීම

Read More »

වික්ටෝරියා තවත් ආසාධිතයන් 04 ක් / VIC සිට හොරෙන් පැමිණි කතගේ සැමියාටත් කොවිඩ්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු ගතවූ පැය 04 තුළදී හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා එකම නිවසේ සිටි අය බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මෙල්බර්න් Lockdown සීමා අද රාත්‍රී 12 සිට ඉවත් කිරීමට නියමිත පසුබිමකදීයි මෙම ආසාධිතයන් වාර්තා වී ඇත්තේ. මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද සමාජයෙන් ආසාධිතයෙකු පසුගිය පැය 24 තුළදී සටහන්වී ඇත. වික්ටෝරියා සිට නිරෝධායන නීති කඩ කර පැමිණි 44 හැවිරිදි කාන්තාවගේ සැමියා මෙලෙස ආසාධිතයෙකු ලෙස වාර්තා වී තිබේ. මොවුන්ගේ තවත් ආශ්‍රිතයන් සොයා

Read More »

නීති විරෝධීව මෙල්බර්න් සිට පැමිණි 03 දෙනෙකු නවසීලන්තයේදී අත්අඩංගුවට

Lockdown සීමා කඩ කර නීති විරෝධීව මෙල්බර්න් සිට සිඩ්නි හරහා ඕක්ලන්ඩ් නුවරට පැමිණි පුද්ගලයන් 03 දෙනෙකු නවසීලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් මෙල්බර්න් සිට සිඩ්නි දක්වා රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට ගුවන් මගින් ඕක්ලන්ඩ් වෙත පැමිණ ඇත. මොවුන් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇතැයි නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් සඳහන් කලා. කෙසේවෙතත් මොවුන් 03 දෙනාට එරෙහිව දඩයක් හෝ දඩුවමක් පණවන්නේදැයි මෙතෙක් තීරණය වී නැහැ. අවමගුල් උත්සවයකට සහභාගී වීම සඳහායි මෙම පිරිස නවසීලන්තයට ගොස් ඇත්තේ.

Read More »