Search

වික්ටෝරියා තවත් ආසාධිතයන් 04 ක් / VIC සිට හොරෙන් පැමිණි කතගේ සැමියාටත් කොවිඩ්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 04 දෙනෙකු ගතවූ පැය 04 තුළදී හඳුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා එකම නිවසේ සිටි අය බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මෙල්බර්න් Lockdown සීමා අද රාත්‍රී 12 සිට ඉවත් කිරීමට නියමිත පසුබිමකදීයි මෙම ආසාධිතයන් වාර්තා වී ඇත්තේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්ද සමාජයෙන් ආසාධිතයෙකු පසුගිය පැය 24 තුළදී සටහන්වී ඇත.

වික්ටෝරියා සිට නිරෝධායන නීති කඩ කර පැමිණි 44 හැවිරිදි කාන්තාවගේ සැමියා මෙලෙස ආසාධිතයෙකු ලෙස වාර්තා වී තිබේ.

මොවුන්ගේ තවත් ආශ්‍රිතයන් සොයා ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර ඇත.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »