මෙල්බර්න් Face-mask නීතියට යළිත් වෙනසක් / අද රෑ සිට එළිමහනේත් අනිවාර්යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නාගරික කලාපය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත Lockdown නීති ලිහිල් කිරීමේදී මුහුණු ආවරණ නීතිය සංශෝධනය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ අද එනම් බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට මෙල්බර්න් නාගරික කලාපය තුළ ගෘහස්ථ කටයුතුවලදී පමණක් මුව ආවරණ තවදුරටත් අනිවාර්ය වන බවයි.

එළිමහන් අවස්ථාවලදී එය අනිවාර්ය නැතැයිද ඔහු සඳහන් කලා.

කෙසේවෙතත් අද දිනයේදී ප්‍රාන්ත වැඩ බලන අගමැතිවරයා කියාසිටියේ සෑම එළිමහන් අවස්ථාවකදී පවා මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවයි.

කොවිඩ් තත්වය පාලනයේදී සිදුකල හැකි සරලම කැපකිරීම මුහුණු ආවරණ පැළඳීම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »