Day: June 10, 2021

NSW සහ ක්වීන්ස්ලන්ඩ් සිට එන අයට බටහිර ඔස්ටේ්‍රලියාවෙන් සීමා

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණි කාන්තාවක කොවිඩ් ආසාධිත බව හෙළිවීමත් සමග එම ප්‍රාන්ත දෙකෙහි සිට පැමිණෙන පුද්ගලයන් සඳහා වහාම සීමා පැණවීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ. එහි ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී Andy Robertson පැවසුවේ මේ සම්බන්ධයෙන් NSW සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයන් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවයි. අදාළ ප්‍රාන්ත දෙකෙහි අවධානම් ස්ථානවල සිට පැමිණි කිසියම් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත වාසියෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවී හුදකලා වන ලෙසටද ඔහු දැනුම් දෙනවා.

Read More »