ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමකට ලක්වීමෙන් තවත් ඔස්ටේ්‍රලියානුවෙකු මියගොස් තිබේ.
නිවු සවුත් වේල්ස් හි පදිංචි 52 හැවිරිදි කාන්තාවක මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙය ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැනීමෙන් පසු ඔස්ටේරලියානුවෙකු මියගිය දෙවන අවස්ථාවයි.
නිව් සවුත් වේල්ස්හි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් පසු 48 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් මාසයේදී මිය ගියාය.
වයස අවුරුදු 50 ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ට පමණක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දැනට නිර්දේශ කරනුයේ රුධිර කැටි ගැසීමේ අවදානම හේතුවෙනි.