ලාංකික දමිළ පවුලට ලංකාවටම යන්න වෙන ළකුණු – අමෙරිකා / නවසීලන්ත රැකවරණය වැට උඩ

ඔස්ටේ්‍රලියාව තුළ මේ වනවිට දැඩි කථාබහකට ලක්වී සිටින ලාංකික සම්භවයක් සහිත දමිළ පවුලට ඇමරිකා එක්සත් ජනපදයේ හෝ නවසීලන්තයේ පදිංචිය සඳහා අවසර ලබාගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන Karen Andrews පවසන්නේ ඔවුන්ට ඔස්ටේ්‍රලියාවේ සරණාගත තත්වයක් නොමැතිවීම ඊට හේතුව බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය අතර සරණාගතයින් සඳහා විධිවිධාන ඇතත් මෙම පවුල එම තත්වයේ නොමැති බවද අමාත්‍යවරිය සඳහන් කොට සිටී.

2019 වසරේ සිට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින මෙම පවුල සම්බන්ධයෙන් මෑතක සිට යළිත් කථාබහක් නිර්මාණය වූයේ බාලම දැරිය අසාධ්‍ය තත්වයෙන් පර්ත් රෝහලකට ඇතුළත් කිරීම හේතුවෙනි.

මානව හිමිකම් සංවිධාන රැසක් බල කර සිටින්නේ මොවුන් පිටුවහල් නොකර ඔස්ටේ්‍රලියාව තුළ තබා ගත යුතු බවයි.

එහෙත් නීතියෙන් බැහැරව කටයුතු කල නොහැකි බවට ඔස්ටේ්‍රලියානු රජය දැඩි පිළිවෙතක සිටී.

ඔවුනට ඕස්ටේ්‍රලියාවේ වෙනත් වීසා කාණ්ඩයක් සඳහා අයදුම් කිරීමට හැකියාව හිමිවන්නේද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට අධ්‍යයනය කෙරෙමින් පවතී.

කෙසේවෙතත් ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන Karen Andrews සඳහන් කොට සිටින්නේ ඔවුනට ආරක්ෂාව සැපයීමට ඔස්ටේ්‍රලියාව බැඳී නොමැති අතර ඔවුන් නැවතත් සිය මව් රට වන ශ්‍රී ලංකාවට යායුතු බවයි.

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »