NSW ප්‍රාන්තයට සති 02 කට වරක් විදෙස් සිසුන් 250 ක් බැගින් / පළමු කණ්ඩායම අගෝස්තුවට පෙර – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ප්‍රාන්තයට සති 02 කට වරක් විදෙස් සිසුන් 250 ක් බැගින් / පළමු කණ්ඩායම අගෝස්තුවට පෙර

NSW ප්‍රාන්තයට සති 02 කට වරක් විදෙස් සිසුන් 250 ක් බැගින් / පළමු කණ්ඩායම අගෝස්තුවට පෙර

ජාත්‍යන්තර සිසුන්ට නැවතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපන ආයතන වෙත පැමිණීමට ඉඩ විවර වී තිබෙනවා.

NSW ප්‍රාන්ත මුදල් අමාත්‍ය Dominic Perrottet පැවසුවේ ඉතාම නුදුරේ සිට සති 02 කට වරක් සිසුන් 250 ක් බැගින් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට විධිවිධාන සකස් කෙරෙමින් ඇති බවයි.

පළමුවෙන් ඔවුන් සිඩ්නි නගරයේ පිහිටා ඇති රජයේ ගොඩනැගිල්ලක නිරෝධායනය වීමෙන් අනතුරුව මුදා හැරෙනු ඇති.

දැනටමත් සතියකට 3000 කට ආසන්න ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් රටට ගෙන්වා ගෙන සිඩ්නි හිදී නිරෝධායනයට ලක් වනවා.

පළමු සිසුන් කණ්ඩායම සති 08 ක් ඇතුළත ගෙන්වා ගන්නා බවයි NSW ප්‍රාන්ත මුදල් අමාත්‍ය Dominic Perrottet පැවසුවේ.

මේ සඳහා NSW ප්‍රාන්ත සෞඛ්‍ය අංශ – පොලිසිය – විශ්ව විද්‍යාල ඇතුලු සියලු අංශ එකගවී ඇති අතර ෆෙඩරල් රජයේ අනුමැතිය පමණක් ලබාගත යුතුයි.

කොවිඩ් තත්වය නිසා NSW ප්‍රාන්ත රජයට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අහිමිවී ඇති මුදල ඩොලර් බිලියන 05 ක් පමණ වනවා.