Day: May 31, 2021

Brimbank වෙළඳ සංකීර්ණයද කොවිඩ් අධි අවධානම් කලාප අතරට

මෙල්බර්න් ඊසාන දිග පිහිටි Brimbank වෙළඳ සංකීර්ණයද කොවිඩ් අධි අවධානම් සහිත කලාපයක් ලෙස නම් කර තිබේ. එහි සේවයේ නියුතු සේවකයෙකුට කොවිඩ් වැළඳීමත් සමග එම සංකීර්ණයේ ස්ථාන 03 කට Tier 01 ඝණයේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත. මැයි 26 – 27 සහ 28 දිනවලදී Brimbank Shopping Centre හි food court මගින් ආහාර ගත් ඕනෑම අයෙකු වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසත් දින 14 ක් හුදකලාව නිරෝධායනය වන ලෙසටත් දැනුම් දෙනු ලබයි. NEW: Muffin Break Brimbank Shopping Centre on May

Read More »

නීති කඩා සුපිරි හෝටලයක පාටි දැමූ චන්දිමාල් – පියුමි අත්අඩංගුවට

නිරෝධායන නීති කඩකර කොළඹ සුපිරි හෝටලයක ඊයේ රාත්‍රී පැවති උපන්දින සාදයකට සහභාගීවූ නිරූපන උපදේශක චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ තරු පහේ හෝටලයක මෙම උපන්දින උත්සවය පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි කොටුව පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත්තේ. තවත් 20 ත් 25 අතර සංඛ්‍යාවක් උත්සවයට පැමිණ ඇති අතර ඉන් 12 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඉතිරි පිරිසද හඳුනාගැනීම සඳහා සී සී ටී වී

Read More »

කොවිඩ් ආසාධිතයන් හමුවීමෙන් මෙල්බර්න් පාසල් කිහිපයක් වැසේ

මෙල්බර්න් නගරයේ පාසල් කිහිපයක්ද කොවිඩ් ආසාධිතයන් ගමන් කල ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ. එම පාසල් නම් Willmott Park Primary School in Craigieburn Methodist Ladies College (MLC), Kew පාසලේ කාර්ය මණ්ඩලයේ අයෙකුද කොවිඩ් ආසාධිත බවටයි හඳුනාගෙන ඇත්තේ. මෙම පාසල් 02 ම අද සිට ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා. පසුගිය සතියේදී Craigieburn හි Mount Ridley පාසලද වසා දැමුණේ සිසුවෙකු කොවිඩ් ආසාධිත බවට හඳුනාගැනීමත් සමගයි. මෙම පාසල් 03 හි ම ආසාධිතයන්ගේ සියලු ආශ්‍රිතයන් වහා පරීක්ෂා කිරීම්වලට යොමුකල බව

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයකිනුත් අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

බ්‍රිිස්බන් නගරයේ සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීම සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath පැවසුවේ Emerald ප්‍රදේශයේ අප ජලයේ එම වෛරස් කොටස් සොයාගෙන ඇති බවයි. අදාළ කලාපයේ ජනතාවට දැඩි අවධානයකින් පසුවන ලෙසයි සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ. ඒ අනුව කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහා පරීක්ෂා සඳහා යොමුවන ලෙසද දැනුම්දී තිබෙනවා. Emerald ප්‍රදේශයේ වාසය කරන සංඛ්‍යාව 14,000 කට ආසන්නයි.

Read More »

Just In: වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 06 ක් / අද දිනයට 11 යි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු හමුවූ බව ප්‍රාන්ත වැඩබලන අගමැති James Merlino පවසයි. මේ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාධිතයන් ගණන 11 දක්වා ඉහළ යයි. මෙම පිරිසත් සමග ගතවු දින කිහිපය තුළ වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 51 ක් බවට පත්වෙයි. මෙම නව ආසාධිතයන් 06 දෙනා මීට පෙර වාර්තාවූ කුමන ආසාධිතයන්ට සම්බන්ධ දැයි මෙතෙක් හෙළිවී නොමැත.

Read More »