නීති කඩා සුපිරි හෝටලයක පාටි දැමූ චන්දිමාල් – පියුමි අත්අඩංගුවට

නිරෝධායන නීති කඩකර කොළඹ සුපිරි හෝටලයක ඊයේ රාත්‍රී පැවති උපන්දින සාදයකට සහභාගීවූ නිරූපන උපදේශක චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ තරු පහේ හෝටලයක මෙම උපන්දින උත්සවය පවත්වා ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි කොටුව පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

තවත් 20 ත් 25 අතර සංඛ්‍යාවක් උත්සවයට පැමිණ ඇති අතර ඉන් 12 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඉතිරි පිරිසද හඳුනාගැනීම සඳහා සී සී ටී වී දර්ශන උපයෝගී කරගන්නා බවයි පොලිසිය සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ නිරෝධායන පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »