ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයකිනුත් අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

බ්‍රිිස්බන් නගරයේ සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීම සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Yvette D’Ath පැවසුවේ Emerald ප්‍රදේශයේ අප ජලයේ එම වෛරස් කොටස් සොයාගෙන ඇති බවයි.

අදාළ කලාපයේ ජනතාවට දැඩි අවධානයකින් පසුවන ලෙසයි සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ.

ඒ අනුව කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහා පරීක්ෂා සඳහා යොමුවන ලෙසද දැනුම්දී තිබෙනවා.

Emerald ප්‍රදේශයේ වාසය කරන සංඛ්‍යාව 14,000 කට ආසන්නයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »