Day: March 31, 2021

කොව්ඩ් එන්නත්කරණයේදී ඔස්ටේ්‍රලියාව අසමත් – නවතම වාර්තාවක් කියයි

කොවිඩ් මර්දන එන්නත්කරණයේ නියමිත ඉලක්කය සපුරාගැනීමට ඔස්ටේ්‍රලියාව අසමත් වී තිබෙනවා. අද දිනය වනවිට ලක්ෂ 40 ක මාත්‍රා ලබාදීමයි සැලසුම වී තිබුණේ. එහෙත් දත්ත වාර්තා අනුව මේ දක්වා ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 34 ක් පමණයි. එහි සාර්ථකත්ව ප්‍රතිශතය සියයට 85 ක් ලෙසයි පවතින්නේ. බ්‍රිස්බන් හා සිඩ්නි නගර ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් පවතින අවස්ථාවක මෙම වාර්තා ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයක්. ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කිරීම මෙන්ම එය අඩු වේගයකින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ

Read More »

ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවේ සිදුවූ දෑ බ්‍රසීලයටත් පාඩමක් වන ළකුණු

දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි. මාධ්‍යවේදිනියකට වන්දි ගෙවන ලෙස බ්‍රසීලයේ අධිකරණයකින් නියෝග කර ඇත්තේ

Read More »

චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා අනතුරකින් මියයයි

චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා වන පීටර් කෙල්නර් හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගොස් තිබේ. ඇලෙස්කාවේ පිහිටි කඳුකර ප්‍රදේශයකදී එම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියයන විට පීටර් කෙල්නර් 56 හැවිරිදි වියේ පසුවුණි. ෆෝබ්ස් සඟරාවට අනුව පීටර් කෙල්නර්ගේ ධනය ඩොලර් බිලියන 17.5ක් ලෙස සඳහන් දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More »

නිවු සවුත් වේල්ස් උතුරු කලාපයට යළිත් මුව ආවරණ අනිවාර්ය කෙරේ

කොවිඩ් ආසාධිතයන් 02 ක් හඳුනාගැනීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපය තුළ යළිත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබෙනවා. එමෙන්ම Tweed, Byron, Ballina – Lismore  ප්‍රදේශවල සමාජ දුරස්ථභාවයද අනිවාර්ය වනු ඇති. අද (31) පස්වරු 05 සිට ලබන සඳුදා රාත්‍රී 12 තෙක් පහත දැක්වෙන අයුරින් නිරෝධායන රෙගුලාසි බලාත්මක වනවා. Masks will be mandatory while shopping and using public transport, taxis and ride-sharing services Masks will be mandatory for hospitality workers The four-square-metre rule will apply

Read More »

ක්වීන්ස්ලන්ඩ් වලින් තවත් ආසාධිතයන් 02 ක් / බ්‍රිස්බන් පොකුරටත් සම්බන්ධයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම බ්‍රිස්බන් Princess Alexandra රෝහලේ කොවිඩ් පොකුරේ හෙදියකට සම්බන්ධ බව සඳහන්. මේ අනුව Greater Brisbane කලාපයේ පළමු පොකුර 11 දක්වා ඉහළ යනවා. එමෙන්ම නව ආසාධිතයන් ගමන්කර ඇති පහත ස්ථානවල අදාළ වේලාවන්වලදී සිටි අයට නිරෝධායනය වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.  Saturday, March 27, : Boards in the Bay between 12.40pm-12.45pm Byron Bay Central Pharmacy between 1.05pm-1.10pm Main Street Burger Bar between 1.15pm-1.20pm Surf, Dive & Ski between 1.25pm-1.30pm Ghanda on

Read More »