Day: March 31, 2021

අවුරුදු උත්සවවලට අවසර දෙයිද ? නොදෙයිද ?

එළැඹෙන සිංහල – දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අවුරුදු ක්‍රීඩා උත්සව, සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා අවසර නොදීමට සෞඛ්‍යය අංශ තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ, මහජන ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. දැනට පිළිපදින සෞඛ්‍ය පුරුදු එලෙසින්ම අනුගමනය කරමින් පවුලේ අය සමග එක්ව අවුරුදු සමරන ලෙස  සෞඛ්‍ය අංශ වැඩිදුරටත්  දැනුම් දී සිටී. අවුරුදු උත්සව සඳහා අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ගැනීම අවශ්‍ය බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය

Read More »

මාසයක් තුළ දෙවන වරටත් බ්‍රිස්බන් නුවර රෝහලක් Lockdown

කොවිඩ් පොකුරු 02 ක් ඇතිවීමත් සමග බ්‍රිස්බන් නුවර Princess Alexandra රෝහලට අගුලු දමා තිබෙනවා. රෝහලේ සියලුම සේවකයන් පරීක්ෂා කිරීමට ඒ යටතේ පියවර ගැනෙනු ඇති. මෙම මාසය තුළ Princess Alexandra රෝහලට සංචරණ සීමා පැණවූ 02 වන අවස්ථාව මෙයයි. පසුගිය මාර්තු 12 වනදාද වෛද්‍යවරයෙකුට කොවිඩ් වැළඳීම හමුවේ මෙම රෝහලට කිසිවෙකුටත් පැමිණීම අත්හිටුවනු ලැබුවා. බ්‍රිස්බන් නුවරට දැනට පණවා ඇති නිරෝධායන සීමාවලට මූලික හේතුව වූයේද මෙම රෝහලෙන් වාර්තා වූ කොවිඩ් පොකුරයි.

Read More »