අවුරුදු උත්සවවලට අවසර දෙයිද ? නොදෙයිද ?

එළැඹෙන සිංහල – දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අවුරුදු ක්‍රීඩා උත්සව, සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා අවසර නොදීමට සෞඛ්‍යය අංශ තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ, මහජන ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

දැනට පිළිපදින සෞඛ්‍ය පුරුදු එලෙසින්ම අනුගමනය කරමින් පවුලේ අය සමග එක්ව අවුරුදු සමරන ලෙස  සෞඛ්‍ය අංශ වැඩිදුරටත්  දැනුම් දී සිටී.

අවුරුදු උත්සව සඳහා අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ගැනීම අවශ්‍ය බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පසුගිය වසරේදී කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු උත්සව උත්සව තහනම් කර ඇති බවයි.

කෙසේ වෙතත් අවරුදු උත්සව පවත්වන සංවිධායකයින් සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ පොලිසියෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් මහතා වැඩි දුරටත් පැවසීය.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »