ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවේ සිදුවූ දෑ බ්‍රසීලයටත් පාඩමක් වන ළකුණු

දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි.

එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි.

නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් බ්‍රසීලයෙන් වාර්තා විය.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා තිබීමය. මෙම ජනපති පුතු ද මන්ත්‍රීවරයෙකි.

මාධ්‍යවේදිනියකට වන්දි ගෙවන ලෙස බ්‍රසීලයේ අධිකරණයකින් නියෝග කර ඇත්තේ එරට ජනාධිපති ජායිර් බොල්සොනාරෝ වෙතය.

ඔහුට එම නියෝගය නිකුත් වූයේ, අදාළ මාධ්‍යවේදිනියගේ ආත්ම ගෞරවය කෙලෙසෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමේ වරදටය.

තමන් පිළිබඳ සෘණාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා පැට්‍රිෂියා කැම්පෝස් මෙලෝ නමැති මාධ්‍යවේදිනිය එක්තරා සම්පත්දායකයෙකු සමඟ ලිංගිකව එක්වී ඇති බව අඟවමින් ජනාධිපතිවරයා පසුගිය වසරේ ප්‍රකාශයක් කර තිබුණා.

අධිකරණ විනිසුරුවරයා පවසා ඇත්තේ ජනාධිපති බොල්සොනාරෝ ගේ ප්‍රකාශය මගින් මාධ්‍යවේදිනියගේ ගෞරවයට හානිවී ඇති බවයි.

ඊට වන්දි වශයෙන් බ්‍රසීල මුදලින් (රියල්) 20,000ක් (ඇමරිකානු ඩොලර් 3,500ක්) මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනාධිපතිවරයාට නියෝග කර තිබේ. මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව පවතී.

බ්‍රසීලයේ සම්මානලාභී මාධ්‍යවේදිනියක වන පැට්‍රිෂියා මෙලෝ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විනිසුරුවරයා ලබා දී ඇති තීන්දුව “ස්ත්‍රීන් වන අප සියලු දෙනාගේම ජයග්‍රහණයක්” බවයි.

මෙය මාධ්‍යවේදිනියන්ට මෙන්ම බ්‍රසීලයේ වෘත්තීමය මාධ්‍යකරණයට “අගනා දිනයක්” බව The Journalists Against Harassment කණ්ඩායම පැවසීය.

2019 ජනවාරි මාසයේදී බලයට පත් වූ බොල්සොනාරෝ, දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකි. තමන්ගේ පාලනය විවේචනයට ලක් කරන මාධ්‍යවේදීන් වෙත එදිරිවාදිකම් සිදු කරන ඉතිහාසයක් ඔහු සතුය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ඉහත කී මාධ්‍යවේදිනිය නීතිය ඉදිරියට ගියේ 2020 වසරේ පෙබරවාරියේදී ය. එම නඩු වාර්තාවේ සඳහන් වන්නේ ජනාධිපති බොල්නාසොනාරෝ විසින් “ලිංගික ඇනුම්පද” කියමින් මෙම මාධ්‍යවේදිනියට අපහාස කරනු ලැබ ඇති බවය.

2018 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් බොල්සොනාරෝ ට සහයෝගය දැක්වූ එක්තරා වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳව මෙම මාධ්‍යවේදිනිය පර්යේෂණාත්මක ලිපි පෙළක් ලිව්වාය.

පසුගිය ජනවාරියේ දී මෙම මාධ්‍යවේදිනිය මෙවැනිම වූ තවත් නඩු විභාගයකින් ජය ලැබුවාය. එම නඩුව ගොනු කර තිබුණේ ජනාධිපති බොල්සොනාරෝ ගේ පුත්‍රයාට එරෙහිවය. ඔහු බ්‍රසීලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

පසුගිය වසරේ මැයි මාසයේ යූටියුබ් ඔස්සේ පළ කර තිබුණු වීඩියෝවක ඔහු අඟවා තිබුණේ, තම පියාට එරෙහිව තොරතුරු ලබා ගැනීම සඳහා මෙම මාධ්‍යවේදිනිය විසින් එක්තරා පුද්ගලයෙකු ලිංගිකව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරනු ලැබ ඇති බවය.

එම ප්‍රකාශය මාධ්‍යවේදීන්ගේ ගෞරවයට කරන ලද ප්‍රහාරයක් බව විනිසුරුවරයා පවසා සිටියේ. ඊට වන්දි වශයෙන් රියල් 30,000ක් එම මාධ්‍යවේදිනියට ගෙවන ලෙස ජනපති පුතුට අධිකරණය නියෝග කළේ.

(BBC)

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »