Day: March 31, 2021

මුදලට ලිංගික සේවා සපයන්නියකට SMS යැවූ NSW මන්ත්‍රී ඉල්ලා අස්වෙයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත Nationals පක්ෂ මන්ත්‍රී මයිකල් ජොන්සන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා. මුදලට ලිංගික කටයුතු සිදුකරන කාන්තාවකට ඔහු විසින් කෙටි පණිවිඩයක් යවා ඇතැයි මේ වනවිට අනාවරණය වී අවසන්. ඒ අනුව ඔහුගේ Nationals පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවනු ලැබුවා. ලිංගික හිංසන සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පැවති කථාබහ මේ වනවිට ප්‍රාන්ත මට්ටම දක්වාද ව්‍යාප්තවී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.  

Read More »

රුපියල ඉතිහාසයේ පහළම අගය අද

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද වාර්තා කලා. ඩොලරයක විකුණුම් මිළ අද සටහන් වූයේ රුපියල් 202 යි ශත 04 ක් ලෙසයි. ගැණුම් මිළ රුපියල් 197 යි ශත 62 ක් ලෙස වාර්තාවූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ.

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ Berwick, Cranbourne ඇතුලු ප්‍රදේශ 18කට කොරෝනා අනතුරු ඇඟවීම්!

වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවූවද​ පසුගිය 29වනදා මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල අපජල සාම්පලවල COVID-19 වයිරස් කොටස් සොයාගෙන ඇත. වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතාම මෘදු රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂයෙන් මාර්තු 21 සිට 29 දක්වා කාලය තුල​ පහත දක්වා ඇති ප්‍රදේශවලට ගොස් තිබේ නම්  කොරෝනා පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසයි. මෙම නිකුත් කර ඇති සම්පූර්ණ ලැයිස්තුවේ තදාසන්න ප්‍රදේශ 18 ක් ඇත. ලැයිස්තුගත කර ඇති දිනයන්හි මෙම ප්‍රදේශවලට ගිය

Read More »

රටින් ගෙන්වූ පොල්තෙල් පමණක් නොව ලංකාව තුළ නිපදවූ තෙල් තුළත් විෂ කාරක ???

ආනයනික පොල්තෙල්වල පමණක් නොව දේශීයව නිපදවන පොල්තෙල් තුලද ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරකය තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන කියා සිටියේ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් රැසකට නඩු පවරා ඇති බවයි. දේශීය තෙල් මෝල් තුල පොල්තෙල් නිෂ්පාදනයේදී පුස් බැඳුනු සහ අපිරිසිඳු කොප්පරා භාවිත කිරීම මගින් ඇෆ්ලටොක්සින් නැමති විෂ රසායනය පොල්තෙල්වලට එකතුවන බවයි වෛද්‍ය තිලක් සිරිවර්ධන පෙන්වා දෙන්නේ. එවැනි ආකාරයේ

Read More »