වික්ටෝරියානු ප්‍රාන්තයේ Berwick, Cranbourne ඇතුලු ප්‍රදේශ 18කට කොරෝනා අනතුරු ඇඟවීම්!

වික්ටෝරියානු ප්‍රාන්තයේ දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයින් කිසිවෙකු වාර්තා නොවූවද​ පසුගිය 29වනදා මෙල්බර්න් නගරාසන්න ප්‍රදේශවල අපජල සාම්පලවල COVID-19 වයිරස් කොටස් සොයාගෙන ඇත.

වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉතාම මෘදු රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂයෙන් මාර්තු 21 සිට 29 දක්වා කාලය තුල​ පහත දක්වා ඇති ප්‍රදේශවලට ගොස් තිබේ නම්  කොරෝනා පරීක්ෂාව සිදු කර ගන්නා ලෙසයි.

මෙම නිකුත් කර ඇති සම්පූර්ණ ලැයිස්තුවේ තදාසන්න ප්‍රදේශ 18 ක් ඇත. ලැයිස්තුගත කර ඇති දිනයන්හි මෙම ප්‍රදේශවලට ගිය ඕනෑම අයෙකුට COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොරෝනා පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලා සිටී.

මාර්තු 21 සිට 25 දක්වා

Beaconsfield, Berwick, Clyde North, Cranbourne East, Cranbourne North, Guys Hill, Hallam, Hampton Park, Harkaway, Narre Warren, Narre Warren North, Narre Warren South, Officer සහ Upper Beaconsfield

මාර්තු 22 සිට 29 දක්වා

Hoppers Crossing, Tarneit, Truganina සහ Werribee

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »