
ආනයනික පොල්තෙල්වල පමණක් නොව දේශීයව නිපදවන පොල්තෙල් තුලද ඇෆ්ලටොක්සින් නැමති පිළිකාකාරකය තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන කියා සිටියේ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ලටොක්සින් අඩංගු පොල්තෙල් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් රැසකට නඩු පවරා ඇති බවයි.
දේශීය තෙල් මෝල් තුල පොල්තෙල් නිෂ්පාදනයේදී පුස් බැඳුනු සහ අපිරිසිඳු කොප්පරා භාවිත කිරීම මගින් ඇෆ්ලටොක්සින් නැමති විෂ රසායනය පොල්තෙල්වලට එකතුවන බවයි වෛද්‍ය තිලක් සිරිවර්ධන පෙන්වා දෙන්නේ.

එවැනි ආකාරයේ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් හඳුනාගැනීම සඳහා දීර්ඝ කාලයක සිට අඛණ්ඩව වැටලීම් සිදුකරන බවද ඔහු සඳහන් කළා.
මේවනවිට මතබේදයට තුඩු දී ඇති ආනයනික පොල්තෙල් බහාලුම් 13න් සමාගම් 3කට අයත් තෙල් තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වී ඇති බැවින් ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රි ලංකා රේගුව සතු වගකීමක් බවයි වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා කියා සිටියේ.
