චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා අනතුරකින් මියයයි

චෙක් ජනරජයේ ධනවත්ම පුද්ගලයා වන පීටර් කෙල්නර් හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගොස් තිබේ.

ඇලෙස්කාවේ පිහිටි කඳුකර ප්‍රදේශයකදී එම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියයන විට පීටර් කෙල්නර් 56 හැවිරිදි වියේ පසුවුණි.

ෆෝබ්ස් සඟරාවට අනුව පීටර් කෙල්නර්ගේ ධනය ඩොලර් බිලියන 17.5ක් ලෙස සඳහන් දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »