
කොවිඩ් මර්දන එන්නත්කරණයේ නියමිත ඉලක්කය සපුරාගැනීමට ඔස්ටේ්‍රලියාව අසමත් වී තිබෙනවා.
අද දිනය වනවිට ලක්ෂ 40 ක මාත්‍රා ලබාදීමයි සැලසුම වී තිබුණේ.
එහෙත් දත්ත වාර්තා අනුව මේ දක්වා ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 34 ක් පමණයි.

එහි සාර්ථකත්ව ප්‍රතිශතය සියයට 85 ක් ලෙසයි පවතින්නේ.
බ්‍රිස්බන් හා සිඩ්නි නගර ආශ්‍රිතව නැවත වරක් කොවිඩ් පොකුරු බිහිවීමේ අවධානමක් පවතින අවස්ථාවක මෙම වාර්තා ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයක්.

ප්‍රමාදවී එන්නත්කරණය ආරම්භ කිරීම මෙන්ම එය අඩු වේගයකින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ රජයට චෝදනා එල්ලවී තිබෙනවා.