Search

වට්ස්ඇප් ගිණුම් ලක්ෂ 20 ක් අවහිර කෙරේ

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි.

එසේ අවහිර කර ඇත්තේ ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බව සඳහන් වේ.

එම සමාගම පැවසුවේ එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවය.

එසේ නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබුණි.

වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එය මිලියන 400කි.

වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය ෆේස්බුක් සමාගම සතුය.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »