නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වාර්ෂික ආදායම ඩොලර් 80000 හෝ ඊට අඩු පවුල් සඳහා දැනට පවතින සහනාධාර සියයට 90 සිට සියයට 100 දක්වා සියලු පහසුකම් නොමිලේ ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා වු පුරප්පාඩු පිරවීම සඳහා වැඩි පිරිසක් ශ්‍රම බලකායට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මුල් ළමාවිය සංවර්ධන පහසුකම් නොමිලේ ලබා දීම වඩාත් සුදුසු බව ඵලදායිතා කොමිෂන් සභාව යෝජනා කර තිබෙනවා.

ළමාරක්ෂක සේවක හිඟය පියවීම සඳහා ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමට ඇති බාධා ඉවත් කිරීම, ගුරු අධ්‍යාපනය සඳහා නව ප්‍රවේශයන් අත්හදා බැලීම, විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන තුල මේ සම්බන්ධ උපදේශණ සේවා පුලුල් කිරීම වැනි යෝජනා රැසක් ඵලදායිතා කොමිෂන් සභාව ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මුල් ළමාවිය අධ්‍යාපන ශ්‍රම බලකාය පුළුල් නොකර අදාළ යොජනා ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

මේ අතර ප්‍රාන්ත සහ ප්‍රදේශ රැසක පෙර පැසැල් ඇතුලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීම මගින් කාර්ය මණ්ඩල සඳහා වු ඉල්ලුම වැඩි කිරීමට ද හේතු විය හැකි බව සඳහන් වනවා.

සෑම වසර තුනකට වරක් මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් පිළිබඳ විමසුමක් සිදු කළ යුතු අතර ලාභය සහ පිරිවැය විමර්ශණය කිරීම වැදගත් බවයි කොමිසම විසින් ෆෙඩරල් රජයට දන්වා ඇත්තේ.

මේ සම්බන්ධ මහජන අදහස් හා උපදේශන සේවා ලබා ගැනීමෙන් අනතුරුව 2024 ජුනි මාසයේදී අවසන් වාර්ථාවක් කොමිසම විසින් ලබා දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »