
2028 වසර වන විට ඕස්ට්‍රේලියාවේ බැටළුවන් අපනයන වෙළඳාම අවසන් කරන බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් සඳහන් කළේ රජය ඩොලර් මිලියන 107ක ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කරන බැවින් බැටළු අපනයන වෙළඳාම 2028 වසරේදී අවසන් වනු ඇති බවයි.
2028 වන විට බැටළුවන් අපනයන තහනම ක්‍රියාත්මක කළ හැකි වීම සඳහා පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

බැටළු කර්මාන්තයට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 107ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කරමින් ෆෙඩරල් රජය සඳහන් කළේ 2028 වසරේ මැයි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාව බැටළුවන් අපනයනය නතර කරන බවයි.
පර්ත් හි දී අදහස් දක්වමින් ෆෙඩරල් කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් පැවසුවේ සතුන් අපනයනය නතර කිරීම ක්‍රමානුකුලව සිදු කරන අතර බැටළු කර්මාන්තයේ අනාගතය සඳහා සැලැස්මක් සකස් කරමින් සිටින බවයි.

එමගින් දේශීයව වැඩි රැකියා අවස්ථා නිර්මාණය වනු ඇති බව ද ඔහු සඳහන් කළා.
ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ බැටළුවන් 593,000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර ඔවුන්ගෙන් අඩක් පමණ යවා ඇත්තේ කුවේට් රාජ්‍යයටයි.