කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

ෆෙඩරල් සමාජ සේවා අමාත්‍ය අමන්දා රිෂ්වර්ත් පවසන්නේ ජාතික ගෘහස්ථ හිංසන සැලැස්මේ ප්‍රතිඵල දැකීමට තවත් කාලයක් අවශ්‍ය බවයි.

2022 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් එකඟ වූ කාන්තා ප්‍රචණ්ඩත්වය නැවැත්වීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම ඉදිරියට යා යුතු බවට රජය විශ්වාස කරන බව ඇය සඳහන් කළා.

ඝාතන මාලාවකින් පසු කාන්තාවන්ට එරෙහි හිංසනයන් බහුල වීම පිළිබඳව ජාතික අවධානය යොමු වී තිබෙනවා.

කාන්තා හිංසනයට එරෙහිව රට පුරා විරෝධතා මාලාවක් පැවැත්වූ අතර ඊයේ කැන්බරාහි පැවති රැලියට අමන්දා රිෂ්වර්ත් මෙන්ම අගමැති ඇන්තනි ඇල්බනීස් ද එක්ව සිටියා.

අමාත්‍යවරිය එහිදී පැවසුවේ නීතිපති මාර්ක් ඩ්‍රේෆස් විසින් ප්‍රකාශ කළ පරිදි ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් රාජකීය කොමිසමක් පිහිටුවීමට රජය පියවර නොගන්නා බවයි.

ඒ වෙනුවට 2022 දී කැබිනට් මණ්ඩලය විසින් එකඟ වූ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම ඉදිරියට යා යුතු බවයි ඇය අවධාරණය කළේ.

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »