ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔස්ට්‍රේලියාව පුරා පැවති විරෝධතාවන්ට දහස් සංඛ්‍යාත ජනතාවක් අද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

අඛණ්ඩව තුන්වන දිනටත් අද දිනයේ බ්‍රිස්බේන්, මෙල්බර්න්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් යන නගරවල රැලි පැවැත්වුණු බව සඳහන්.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජාතික වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට පෙලපාලිකරුවන් රජයෙන් ඉල්ලා සිටියා.

ප්‍රචණ්ඩත්වයට එරෙහි උපදේශකයින් විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් කාන්තාවන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වසරේ මේ දක්වා සෑම දින හතරකට වරක් කාන්තාවක් ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙල්බන්හි පැවති පාගමනකට වික්ටෝරියානු අගමැතිනි ජසින්තා ඇලන් ද සහභාගී වූ අතර උත්සවය සඳහා විශාල ජනතාවක් එක්රැස් කිරීම ගැන ඇය සංවිධායකයින්ට ස්තුතිය පුද කර තිබෙනවා.

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »