නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පොලිසිය පවසන්නේ වැරදි වටහා ගැනීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි.

මෙම වෙඩි තැබීමේ අවස්ථා දෙකේදීම පුද්ගලයන් පස් දෙනෙකු එහි සිටි අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

වෙඩි තැබීමට සම්බන්ධ යැයි විශ්වාස කරන වාහනයක් කිලෝමීටර් අටක් පමණ දුරින් අතහැර දමා තිබියදී හමුවී ඇති අතර එහි හිමිකරු සොයා ගැනීමට රහස් පරීක්ෂකයින් කටයුතු කරමින් සිටිනවා.

අප්‍රේල් 13 වැනිදා සහ පසුගිය සෙනසුරාදා රාත්‍රී වර්ජිනියා වීදියේ පිහිටි මෙම නිවසට වෙඩි කිහිපයක් එල්ල වී තිබුණා.

මෙම නිවසේ සිටින පවුල සම්බන්ධයෙන් පොලිසියේ කිසිදු පැමිණිල්ලක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවන් නොවන අතර මෙය වැරදි හඳුනා ගැනීමක් හේතුවෙන් සිදුවූවක් බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.

වෙඩි තැබීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු දන්නා ඕනෑම අයෙකුට පොලිසියට දැනුවත් කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »