Search

අගමැති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනිස් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියා කරන ලෙසට ඊයේ පැවති විරෝධතාවලදී ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා ලබන බදාදා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිස්බේන්, මෙල්බර්න්, ගෝල්ඩ් කෝස්ට් සහ කැන්බරා යන නගරවල දස දහස් සංඛ්‍යාත පිරිමින් මෙන්ම කාන්තාවන් ද ඊයේ අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා ව්‍යාපාරවලට එක්ව සිටියා.

අගමැතිවරයා ඊයේ පස්වරුවේ කැන්බරා පාගමනට පැමිණි අතර එහිදී ඔහු පැවසුවේ බදාදා කැබිනට් රැස්වීමේ ප්‍රධාන අරමුණ කාන්තා හිංසනය බවයි.

කාන්තා හිංසනයට එරෙහිව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා නීතිඥයින් බලකරමින් සිටි බැවින් අගමැතිවරයාට රැස්ව සිටි පිරිසෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව සඳහන්.

ප්‍රචණ්ඩත්වයට එරෙහි උපදේශකයින් විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව මේ වසරේ ඔස්ට්‍රේලියාවේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් කාන්තාවන් 26 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »