ලොව වයස්ගතම රූ රැජින ආජන්ටිනාවෙන්

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි පැවති රූ රැජිණ තරගයක කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙනවා.

ඇය මෙම කිරුළ දිනාගෙන ඇත්තේ වයස අවුරුදු 18 සිට 73 දක්වා වයස්වල සිටි තරගකාරියන් 34 දෙනෙකු පරාජයට පත් කරමින්.

ඒ අනුව මෙම කාන්තාව ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින සඳහා පැවැත්වෙන ප්‍රධාන තරගය සඳහා බුවනෝස් අයර්ස් ප්‍රදේශය නියෝජනය කිරීමට නියමිතයි.

එම තරගයෙන් ඇය ජයග්‍රහණය කළහොත් ලබන සැප්තැම්බර් 28වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ආර්ජන්ටිනාව නියෝජනය කරමින් තරග වැදීමට ඇයට අවස්ථාව හිමි වනු ඇති.

ලොව මෙතෙක් වැඩිහිටි කාන්තාවකට රූ රැජිණ කිරුළ කිරුළකට තරඟ කිරීමට නොහැකි වී ඇති අතර එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් වෘත්තියෙන් නීතිඥවරියක් සහ මාධ්‍යවේදිනියක් ද වනවා.

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය සිය වෘත්තිය ලෙස පුවත්පත් කලාව තෝරා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »