Search

වික්ටෝරියා Lockdown දීර්ඝ කිරීම ගැන අවසන් තීන්දුවක් නෑ / පැය 24 ක් තුළ සිඩ්නි නගරයෙන් තවත් කොවිඩ් මරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.

දැනට බලාත්මක සීමා අනිද්දා එනම් අගහරුවාදා රාත්‍රී 12 ටයි අවසන්වීමට නියමිතව ඇත්තේ.

ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයෙන් ආසාධිතයන් 16 ක් හමුවීම පිළිබඳ අවධානය යොමුකර තීන්දුවක් ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඊයේ දිනයට වඩා මේ වනවිට ස්ථාන 160 ක් අවධානම් ස්ථාන ලෙස නම් කෙරුණු බවද දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී Daniel Andrews සඳහන් කලා.

මේ අතර පැය 24 ක් තුළ සිඩ්නි නගරයෙන් තවත් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබේ.

90 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇත.

වර්තමාන කොවිඩ් රැල්ලේදී සිඩ්නි නගරයෙන් සටහන්වන 04 වන මරණය මෙයයි.

මේ අතර ගතවූ පැය 24 දී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 105 ක් හමුවී ඇති අතර ඒ අනුව මුලු ආසාධිතයන් 1242 දක්වා ඉහළ යයි.

 

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »