Search

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම මගියාට අයත්ව තිබූ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.17ක වාර්තාගත මුදලකට අලෙවි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටයිටැනික් නෞකාවේ සංගීත කණ්ඩායමට අයත්ව තිබූ වයලීන් බෑගය පවුම් 290,000කට අලෙවි කෙරුණා.

මෙය 1912 වසරේ සිදු වූ නැව් ව්‍යසනයට සම්බන්ධ භාණ්ඩයක් සඳහා මෙතෙක් ලැබුණු වාර්තාගත මුදලක් බවයි වෙන්දේසිකාර සමාගම සඳහන් කළේ.

ඇමරිකාවේ ගැනුම්කරුවෙකු විසින් ඔරලෝසුව මිලදී ගෙන ඇති අතර JJA යන මුලකුරු කැටයම් කර ඇති එය ඇමරිකා එක්සත් ජනපදයේ ම ව්‍යාපාරික ජෝන් ජේකබ් ඇස්ටර්ට අයත් වූවක් බව සඳහන්.

1912 අප්‍රේල් 15 වනදා අලුයම ටයිටැනික් නෞකාව මුහුදුබත් වීමත් සමඟ මිය ගිය එම ව්‍යාපාරිකයා 47 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු එවකට ලොව සිටි ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙසටයි ප්‍රසිද්ධියට පත්ව සිටියේ.

තම බිරිඳ ජීවිතාරක්ෂක බෝට්ටුවකට යාමට උදව් කිරීමෙන් පසු ඔහු මරණයට පත්ව තිබුණා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »