ශ්‍රී ලංකාවේ පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්වේ

ඓතිහාසික ඇහැලේපොල වලව්ව ශ්‍රී ලංකාවේ පළමු ඉටිරූප කෞතුකාගාරය ලෙස වැඩි දියුණු කිරීමට තීරණය කර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ ඇහැලේපොල වලව්ව දළඳා මාලිගාවට පවරා දීමෙන් පසු පුරා විද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කරන බවයි ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසන්නේ.

ඇහැලේපොල වලව්වට අයත් මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්පද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රයෙන් ප්‍රති නිර්මාණය කරන බව සඳහන්.

එමෙන්ම ජාතික වීරයන් වන මොණරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැලේපොල මහාධිකාරම්, දේවේන්ද්‍ර මුලාචාරිතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේ ද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටි රූප ද මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පෞඩත්වය හා අභිමානය විදහා දැක්වෙන විදහා දැක්වෙන මෙම ඉටි කෞතුගාකාගාරය දෙස් විදෙස් ආකර්ශණය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසන්නේ.

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »