ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් මෙම පියවර නිර්දේශ කර ඇති අතර එය රජය විසින් පිළිගනු ලැබුවහොත් මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලබන 2025 වසර මුලදී ඉවත් කිරීමට නියමිතයි.

එම කමිටුවේ නිර්දේශ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන ආනයනය පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

ලබන 2025 වසර වන විට වාහන ආනයන තහනම ඉවත් නොකළහොත් ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එබැවින් වාහන ආනයනය සාමාන්‍ය තත්ත්වයට පත් කළ යුතු බවට කමිටුව තීරණය කර ඇති බවත් භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලබන වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති වැඩි දියුණු කළ ආදායම් ඉලක්කය සැලකිල්ලට ගනිමින් කමිටුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය දිගු කලක් පාලනය කළ නොහැකි බැවින් වාහන ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බවත් කමිටුව තීරණය කර ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, නිෂ්පාදිත වර්ෂය ඇතුළුව ආනයනය කිරීමට නියමිත වාහන සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් ශ්‍රී ලංකාවට අහිමි වුවත් ඉන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 340ක බදු ආදායමක් රජයට ලැබෙනු ඇතැයි පුරෝකථනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »