පිළිකා අවධානමට ලක්වූ වික්ටෝරියානුවන් ගණන ඉහළට

හඳුනා නොගත් පිළිකා අවධානමින් පසුවන වික්ටෝරියානුවන්ගේ ගණන ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා මගින් අනාවරණය වි තිබෙනවා.

ඒ අනුව නවතම වික්ටෝරියානු පිළිකා දත්ත අනුව පෙනී යන්නේ වික්ටෝරියානුවන් අතුරින් අවම වශයෙන් 6660 දෙනෙකු හඳුනා නොගත් පිළිකා අවධානමකින් පසුවන බවයි.

පිළිකා අවදානම හඳුනා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මියයන සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියානු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම පිළිකා අවදානම සියයට 70ක් බව සඳහන්.

කොවිඩ් වසංගත අවධානමින් පසු සිදු කළ වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වී ඇත්තේ පිළිකා අවදානම කල්කියා හඳුනා ගැනීමට නොහැකි විමේන් සිදුවන ජිවිත හානි වල වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

වික්ටෝරියානුවන්ගෙන් දහස් ගණනක් නොදැනුවත්කම මත බඩවැල්, පියයුරු සහ පෙනහළු පිළිකා අවධානමින් පසුවන බවයි හඳුනාගෙන ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරන්නේ නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායනටන්ට සහභාගී වී ශරීරය තුළ හඳුනා නොගත් රෝග අවධානම් පිළිබඳ අවධානයෙන් පසුවීම මගින් සිදුවිය හැකි ජීවිත හානි අවම කර ගැනීමට උනන්දු වන ලෙසයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »