අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

එය වැටුප් සියයට 4.2 කින් වැඩි වූ 2023 දෙසැම්බර් කාර්තුවට වඩා තරමක් කුඩා ඉහළ යාමක් බවයි සඳහන් වන්නේ.

නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මිල සංඛ්‍යාලේඛන ප්‍රධානී මිචෙල් මර්ක්ඩට් පැවසුවේ 2023 සැප්තැම්බර් කාර්තුවෙන් පසු වැටුප් වර්ධනය සියයට හතරක හෝ ඊට වැඩි මට්ටමක පැවති පළමු අවස්ථාව මෙය බවයි.

රාජ්‍ය අංශයේ වාර්ෂික වැටුප් වර්ධනය මෙම කාර්තුවේ සියයට 3.8ක් වූ අතර එය 2023 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.3ට වඩා අඩු වුව ද පසුගිය වසරේ අදාළ කාලය තුළ වාර්තා වූ සියයට තුනට වඩා වැඩි අගයක් වනවා.

රාජ්‍ය අංශය සඳහා පසුගිය වසරේ මාර්තු කාර්තුවේ වැටුප් වර්ධකයේ ප්‍රතිඵලය නව ව්‍යවසාය ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ වැටුප් සීමාවන් වෙනස් කිරීම මගින් පිළිබිඹු කරන බවයි මිචෙල් මර්ක්ඩට් සඳහන් කළේ.

මෙම නව ගිවිසුම් මගින් ආවරණය වූ බොහෝ රැකියා සඳහා මෙවර මාර්තු කාර්තුවේ දී වෙනුවට පසුගිය වසරේ සැප්තැම්බර් හෝ දෙසැම්බර් කාර්තුවේ දී වැටුප් වැඩිවීම් දැකගත හැකි වූ බව ඇය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »