Search

අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා NSW වෙත යන්න එපා – වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට දැනුම්දීමක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග පවතින ප්‍රාන්ත සීමා තවත් දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලා සිටියේ ඕනෑම අවස්ථාවක ප්‍රාන්ත සීමා නීති දැඩි කල හැකි බැවින් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

එහි දැනට පවතින තත්වය ඉතා දරුණු බවටයි ඇමතිවරයා අනතුරු අගවා සිටියේ.

විශේෂයෙන් Greater Sydney කලාපයේ තත්වය භයානක මට්ටමක ඇති බවයි Martin Foley සඳහන් කලේ.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 38 දෙනෙකු හඳුනාගත් අතර එය මේ දක්වා එක් දිනයකදී එහි වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවයි.

මේ අතර අද රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන සීමා තවත් ලිහිල් වෙයි.

Pic – 9News

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »