Day: July 8, 2021

ශ්‍රී ලංකා එක්දින සහ T20 නායකත්වය දසුන් ශානකට ???

ශ්‍රී ලංකා එක්දින සහ 20යි 20 කණ්ඩායම් වල නායකත්වයේ වෙනසක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම්වලට නායකත්වය දුන් කුසල් ජනිත් පෙරේරා ට නායකත්වය අහිමිවී ඇතැයි සඳහන් ය. කණ්ඩායමේ නව නායකයා වශයෙන් තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත්කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

Read More »

VicRoads වෙබ් අඩවිය භාවිත කරන ඔබට වැදගත් දැනුම්දීමක්

VicRoads වෙබ් අඩවියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පහත කාල සීමාවලදී වෙබ් අඩවිය සම්බන්ධ කටයුතු සඳහා බාධා පැමිණිය හැකි බවට දැනුම්දීමක් සිදුකෙරේ. ජූලි 11 වනදා (ඉරිදා) – උදේ 06 සිට පස්වරු 03 දක්වා ජූලි 18 වනදා (ඉරිදා) – උදේ 06 සිට දහවල් 12.30 දක්වා මේ අනුව අදාල කාල සීමාවලදී පහත කාර්යයන් සිදුකල නොහැකිය. ලියාපදිංචි කටයුතු – රියදුරු බලපත් සම්බන්ධ ගණුදෙනු myVicRoads ගිණුමට පිවිසීම Learner Permit ඔන්ලයින් පරීක්ෂණයට පිවිසීම myVicRoads හෝ myLearners App සඳහා නව ලියාපදිංචි කිරීම්

Read More »

අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා NSW වෙත යන්න එපා – වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට දැනුම්දීමක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග පවතින ප්‍රාන්ත සීමා තවත් දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලා සිටියේ ඕනෑම අවස්ථාවක ප්‍රාන්ත සීමා නීති දැඩි කල හැකි බැවින් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසයි. එහි දැනට පවතින තත්වය ඉතා දරුණු බවටයි ඇමතිවරයා අනතුරු අගවා සිටියේ. විශේෂයෙන් Greater Sydney කලාපයේ තත්වය භයානක මට්ටමක ඇති බවයි Martin Foley සඳහන් කලේ. ඊයේ දිනයේදී නිවු

Read More »

Lockdown තත්වයට මුහුණදී සිටින ඔස්ටේ්‍රලියානුවන් රැසකට මූල්‍ය ප්‍රදානයන් හිමිවන ළකුණු

Lockdown තත්වයට මුහුණදී සිටින ඔස්ටේ්‍රලියානුවන් රැසකට මූල්‍ය ප්‍රදානයන් හිමිවන ළකුණු පළවී තිබේ. අගමැති ස්කොට් මොරිසන් සිඩ්නි නුවර අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඩොලර් 325 ක සහ ඩොලර් 500 ක ප්‍රදානයන් මෙලෙස හිමිවන බවයි. 03 වන සතියටත් Lockdown තත්වයට මුහුණදී සිටින Hot spots ලෙස නම්කර ඇති සියලු ප්‍රදේශවල වාසය කරන්නන්ට එය ලැබෙනු ඇති. මේ අනුව සතියට පැය 20 කට අඩුවෙන් රැකියාවල නිරතවන්නන්ට ඩොලර් 325 ක ප්‍රදානයක්ද / පැය 20 ට වැඩි රැකියා කාලයක් අහිමිවූවන්ට ඩොලර් 500

Read More »

බැසිල් / මහින්ද ඇමති තනතුරුවල දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රථිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. බැසිල් රාජපක්ෂ තව සුලුවේලාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද දිව්රුම්දීමට නියමිතයි. මේ අතර අග්‍රාමාත්‍යවරයා යටතේ තිබූ මුදල් අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස නම් කරමින් සහ අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් සංශෝධන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ජාතික

Read More »