බැසිල් / මහින්ද ඇමති තනතුරුවල දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රථිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.

බැසිල් රාජපක්ෂ තව සුලුවේලාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද දිව්රුම්දීමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා යටතේ තිබූ මුදල් අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස නම් කරමින් සහ අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් සංශෝධන කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුලූ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 10ක් මෙම නව අමාත්‍යංශයට ඇතුළත් කර තිබෙනවා.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »