Lockdown තත්වයට මුහුණදී සිටින ඔස්ටේ්‍රලියානුවන් රැසකට මූල්‍ය ප්‍රදානයන් හිමිවන ළකුණු

Lockdown තත්වයට මුහුණදී සිටින ඔස්ටේ්‍රලියානුවන් රැසකට මූල්‍ය ප්‍රදානයන් හිමිවන ළකුණු පළවී තිබේ.

අගමැති ස්කොට් මොරිසන් සිඩ්නි නුවර අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඩොලර් 325 ක සහ ඩොලර් 500 ක ප්‍රදානයන් මෙලෙස හිමිවන බවයි.

03 වන සතියටත් Lockdown තත්වයට මුහුණදී සිටින Hot spots ලෙස නම්කර ඇති සියලු ප්‍රදේශවල වාසය කරන්නන්ට එය ලැබෙනු ඇති.

මේ අනුව සතියට පැය 20 කට අඩුවෙන් රැකියාවල නිරතවන්නන්ට ඩොලර් 325 ක ප්‍රදානයක්ද / පැය 20 ට වැඩි රැකියා කාලයක් අහිමිවූවන්ට ඩොලර් 500 ක මුදල් ප්‍රදානයක්ද මධ්‍යම රජයෙන් හිමිවනු ඇති.

මේ සඳහා Centrelink ගිණුමකට සම්බන්ධ MyGov ගිණුමක් පවත්වාගෙන යාම පමණක් ප්‍රමාණවත්ය.

අනතුරුව ඔවුන්ගේ සුදුසුකම් විමසා බැලීමෙන් පසු මූල්‍ය ප්‍රදානය ඉල්ලුම් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට නියමිතයි.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබන සතියේ සිට තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් සපයන බවටද ඒවා ඇස්ට්‍රා-සෙනෙකා හා ෆයිසර් එන්නත්වලින් සමන්විත වනු ඇති බවටද අගමැතිවරයා ප්‍රකාශ කලා.

එමෙන්ම NSW හි Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනතුරු අගවා සිටියේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »