Day: July 8, 2021

රිය ධාවනයේදී ජංගම දුරකථනය භාවිතයට $1000 යි / ආසන පටි නැත්නම් $400 යි – QLD හි නව නීති

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කරන රියදුරන්ට ඩොලර් 1000 ක දඩ මුදලක් පැණවීම කෙරෙහි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අවධානය යොමුවී ඇත. ඒ සමස්ත ප්‍රාන්තයම ආවරණය වන පරිදි කැමරා පද්ධතියක් සවි කිරීම අවසාන අධියරට එළැඹ තිබීමත් සමගයි. මීට අදාළ අත්හදා බැලීම් සිදුකල පසුගිය මාස 06 තුළදී මෙලෙස හඳුනාගත් රියදුරන් ගණන 15,000 කට අධිකයි. එහිදී දඩ නියම කලේ නම් ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 15 ක ආදායමක් උපයා ගැනීමට හැකිව තිබිණ. මේ අනුව ලබන නොවැම්බර් මාසයේ සිට මෙම වරදට අදාළව

Read More »

සිඩ්නි නගරයෙන් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – සමස්ත ප්‍රාන්තයම වසා දැමීම කෙරෙහි අවධානය

මාසයක පමණ සිට පවතින කොවිඩ් රැල්ලේදී සිඩ්නි නගරයෙන් එක් දිනයකදී වාර්තාවූ වැඩිම ආසාධිතයන් ගණන ඊයේ සටහන්වී තිබේ. ඒ ආසාධිතයන් 38 ක් ලෙසයි. පරීක්ෂණ 39,000 කට වැඩි සංඛ්‍යාවකින් මෙම ආසාධිතයන් හඳුනාගෙන ඇත. මින් 12 දෙනෙකුට වෛරසය වැළඳුනේ කෙසේදැයි තවමත් අවිනිශ්චිත අතර අනෙක් 26 දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ සමීපතමයන් බව සඳහන්. මේ අතර කොවිඩ් තත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් මතුවීමෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අනෙක් ප්‍රාන්තවලින් හුදකලා වීමේ අවධානමක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ

Read More »

VIDEO : විවාහ උත්සව කරන්න දෙන්න – නැත්නම් මාසෙකට ලක්ෂ 10 ක් ඕනෑ

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව විවාහ කර්මාන්ත සේවා සපයන්නන්ගේ එකමුතුව පවසනවා. ඔවුන්ට අත්වී ඇති ඉරණම පැහැදිලි කරමින් පැවැති එම මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවන්,උත්සව සඳහා සේවා සපයන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පිරිසක් සහභාගී විය.එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා, “මේ ක්ෂේත්‍රයට අදාළ අය ඉන්නවා මිලියනයකට වඩා පිරිසක්.මේ කොටස විතරක් වසා තබමින් ඉන්නකොට අපි ප්‍රශ්නය මතු කරන්නේ අපි කන්නේ බොන්නේ කොහොමද?.ණය ගෙවන්නේ

Read More »

බැසිල් – ඇමති / මන්ත්‍රී ධුරවල දිව්රුම්දීම අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයෙකුද වන බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි. ඔහු ඊට පෙර අද උදාසන අමාත්‍ය ධුරයකද දිව්රුම්දීමට නියමිත බවයි පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කලේ. එය බොහෝ දුරට ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස හැඳින්වෙනු ඇතැයිද ප්‍රකාශ කෙරුණා. බැසිල් රාජපක්ෂ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කල අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන්නේද ඔහුයි.

Read More »
Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

මව්බිමට එන ලාංකිකයන්ට සහනයක් – මාත්‍රා 02 ම ගෙන ඇත්නම් / Negative නම් ලංකාවේදී නිරෝධායනයක් නෑ

විදේශගතව සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් ගේ පී සී ආර් පරීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන් නිරෝධායනයට ලක් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කලේ කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසුව මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු නියමිත සෞඛ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති උපදෙස් අනුව

Read More »