VIDEO : විවාහ උත්සව කරන්න දෙන්න – නැත්නම් මාසෙකට ලක්ෂ 10 ක් ඕනෑ

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී ඇති බව විවාහ කර්මාන්ත සේවා සපයන්නන්ගේ එකමුතුව පවසනවා.

ඔවුන්ට අත්වී ඇති ඉරණම පැහැදිලි කරමින් පැවැති එම මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවන්,උත්සව සඳහා සේවා සපයන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පිරිසක් සහභාගී විය.එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා,

“මේ ක්ෂේත්‍රයට අදාළ අය ඉන්නවා මිලියනයකට වඩා පිරිසක්.මේ කොටස විතරක් වසා තබමින් ඉන්නකොට අපි ප්‍රශ්නය මතු කරන්නේ අපි කන්නේ බොන්නේ කොහොමද?.ණය ගෙවන්නේ කොහොමද? කියලා කවුරුත් අහන්නේ නෑ. අපි ඉල්ලන්නේ 150ක් වගේ ප්‍රමාණයකට විවාහ මංගල්‍ය උත්සවයක් කරන්න දෙන්න කියලා බොහොම සාධාරණ ඉල්ලීමක්.”

මෙසේ මාධ්‍යය හමුවක් පවත්වන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන බවත් තව දුරටත් ඉවසීමට අපහසු බවත් එසේ නොමැති නම් මසයකට ලක්‍ෂ 10 බැගින් සපයන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »