සිඩ්නි නගරයෙන් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – සමස්ත ප්‍රාන්තයම වසා දැමීම කෙරෙහි අවධානය – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි නගරයෙන් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – සමස්ත ප්‍රාන්තයම වසා දැමීම කෙරෙහි අවධානය

සිඩ්නි නගරයෙන් දිනයක වැඩිම ආසාධිතයන් ඊයේ – සමස්ත ප්‍රාන්තයම වසා දැමීම කෙරෙහි අවධානය

මාසයක පමණ සිට පවතින කොවිඩ් රැල්ලේදී සිඩ්නි නගරයෙන් එක් දිනයකදී වාර්තාවූ වැඩිම ආසාධිතයන් ගණන ඊයේ සටහන්වී තිබේ.

ඒ ආසාධිතයන් 38 ක් ලෙසයි.

පරීක්ෂණ 39,000 කට වැඩි සංඛ්‍යාවකින් මෙම ආසාධිතයන් හඳුනාගෙන ඇත.

මින් 12 දෙනෙකුට වෛරසය වැළඳුනේ කෙසේදැයි තවමත් අවිනිශ්චිත අතර අනෙක් 26 දෙනා මීට පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ සමීපතමයන් බව සඳහන්.

මේ අතර කොවිඩ් තත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් මතුවීමෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය අනෙක් ප්‍රාන්තවලින් හුදකලා වීමේ අවධානමක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

කිසියම් අයුරකින් තත්වය තවත් බරපතල වුවහොත් සමස්ත ප්‍රාන්තයම වසා දැමීම කෙරෙහි බළධාරීන්ගේ අවධානය යොමුවී තිබීම ඊට හේතුවයි.