මව්බිමට එන ලාංකිකයන්ට සහනයක් – මාත්‍රා 02 ම ගෙන ඇත්නම් / Negative නම් ලංකාවේදී නිරෝධායනයක් නෑ

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

විදේශගතව සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් ගේ පී සී ආර් පරීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියට ඔවුන් නිරෝධායනයට ලක් නොකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කලේ කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකකට පසුව මෙරටට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු නියමිත සෞඛ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියෙන් නිදහස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති උපදෙස් අනුව එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව නියමිත පරිදි එන්නත් ලබාගෙන දිවයිනට පැමිණෙන පුද්ගලයින් සිය ගුවන් යානයට ගොඩවීමට පැය 72 කට පෙර සහ පැමිණීමෙන් පසුව සිදුකරනු ලබන පී සී ආර් පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන් නිරෝධායන ක්‍රියාවලියෙන් සම්පුර්ණයෙන් නිදහස් කෙරෙනු ඇති.

කෙසේවෙතත් ඉන් දින 07 කට පසු ඔවුන් නැවත වරක් පී සී ආර් පරීක්ෂණයක් සිදුකර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව සිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දිය යුතු වනවා.

කෙසේවෙතත් කොවිඩ් මර්ධනය සඳහා දැනට තහනම් පනවා ඇති රටවල්වල සිට ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට මෙතෙක් අවසරයක් ලබාදී නැහැ.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »