රිය ධාවනයේදී ජංගම දුරකථනය භාවිතයට $1000 යි / ආසන පටි නැත්නම් $400 යි – QLD හි නව නීති

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කරන රියදුරන්ට ඩොලර් 1000 ක දඩ මුදලක් පැණවීම කෙරෙහි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ අවධානය යොමුවී ඇත.

ඒ සමස්ත ප්‍රාන්තයම ආවරණය වන පරිදි කැමරා පද්ධතියක් සවි කිරීම අවසාන අධියරට එළැඹ තිබීමත් සමගයි.

මීට අදාළ අත්හදා බැලීම් සිදුකල පසුගිය මාස 06 තුළදී මෙලෙස හඳුනාගත් රියදුරන් ගණන 15,000 කට අධිකයි.

එහිදී දඩ නියම කලේ නම් ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 15 ක ආදායමක් උපයා ගැනීමට හැකිව තිබිණ.

මේ අනුව ලබන නොවැම්බර් මාසයේ සිට මෙම වරදට අදාළව ඩොලර් 1000 බැගින් දඩ නියම කිරීමේ නව නීති ක්වීන්ස්ලන්ඩ් තුළ බලාත්මක වනු ඇත.

මෙම මාසය අවසානයේ සිට කැමරා පද්ධතිය සක්‍රීය කෙරේ.

එතැන් සිට තවත් මාස 03 ක සහන කාලයක් ලබාදෙන අතර නොවැම්බර් සිට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත රජය කියාසිටී.

මේ අතර රියදුරු සමග ඉදිරිපස ගමන් කරන අනෙක් තැනැත්තා ආසන පටි පැළඳ නොමැති නම් ඩොලර් 400 ක දඩයක් නියම කිරීමටද යෝජනා වී තිබේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »