VicRoads වෙබ් අඩවිය භාවිත කරන ඔබට වැදගත් දැනුම්දීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

VicRoads වෙබ් අඩවිය භාවිත කරන ඔබට වැදගත් දැනුම්දීමක්

VicRoads වෙබ් අඩවිය භාවිත කරන ඔබට වැදගත් දැනුම්දීමක්

VicRoads වෙබ් අඩවියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පහත කාල සීමාවලදී වෙබ් අඩවිය සම්බන්ධ කටයුතු සඳහා බාධා පැමිණිය හැකි බවට දැනුම්දීමක් සිදුකෙරේ.

ජූලි 11 වනදා (ඉරිදා) – උදේ 06 සිට පස්වරු 03 දක්වා
ජූලි 18 වනදා (ඉරිදා) – උදේ 06 සිට දහවල් 12.30 දක්වා

මේ අනුව අදාල කාල සීමාවලදී පහත කාර්යයන් සිදුකල නොහැකිය.

ලියාපදිංචි කටයුතු – රියදුරු බලපත් සම්බන්ධ ගණුදෙනු
myVicRoads ගිණුමට පිවිසීම
Learner Permit ඔන්ලයින් පරීක්ෂණයට පිවිසීම
myVicRoads හෝ myLearners App සඳහා නව ලියාපදිංචි කිරීම්

විකල්ප ක්‍රම

BPAY හරහා ලියාපදිංචි ගාස්තු ගෙවීම
BPAY හරහා රියදුරු බලපත්‍රය අලුත් කිරීම
13 11 70 දුරකථනය හරහා මාර්ග අනතුරු හෝ අනතුරුදායක සිදුවීම් වාර්තා කිරීම

 

Pic – VicRoads