ලංකාවට ඇස්ට්‍රා-සෙනෙකා මාත්‍රා ලක්ෂ 05 ක් දෙන්නැයි ඉල්ලා ඔස්ටේ්‍රලියා අගමැතිට පෙත්සමක්

කොවිඩ් වසංගතයෙන් ශ්‍රී ලංකාව අංශ කිහිපයක් බැට කමින් සිටින අවස්ථාවක මුහුණදී ඇති බරපතලම අර්බුදයක් වන්නේ එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමයි.

එයින්ද දැනට ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව සඳහා එන්නත් නොමැතිව සිටින ලාංකිකයන් ලක්ෂ 05 කට වැඩි පිරිසක් මුහුණදී සිටින්නේ ඉමහත් අපහසුතාවයකටයි.

මේ ගැටලුව විසඳාලීම සඳහා ඔස්ටේ්‍රලියානු රජයට ඉල්ලීමක් කිරීමට මෙල්බර්න් නුවර කේන්ද්‍ර කරගත් ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා ආයතනය සත්කාර්යයකට මුල පුරා තිබේ.

මේ එහි සහකාර ලේකම් වරලත් ගණකාධිකාරී ගාමිණී වලිසිංහ සමග අප කල සාකච්ඡාවයි

මොකක්ද මේ කාර්යය කියලා පැහැදිලි කලොත් ?

දැනට ශ්‍රී ලංකාවට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක හිගයක් පවතිනවා. පළමු මාත්‍රාව අරගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිවීම නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා මෙල්බර්න් නුවර පදිංචි වී සිටින ලාංකික ප්‍රජාව විධිහට කුමක් හෝ දෙයක් සිදුකල යුතුයි කියා අපි කල්පනා කලා. ඒ අනුව තමයි මෙහෙ ඉන්න ඡන්ද දායකයන් ලෙස කිසියම් බලපෑමක් නැත්නම් ඉල්ලීමක් කරන්න පියවර ගත්තේ. ශ්‍රී ලාංකික ප්‍රජාව විධිහට ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ගෙන් ඉල්ලීමක් කිරීමට අපි පියවර ගන්නවා මුදල් ලෙස නොව එන්නත් මාත්‍රා ලෙස ඇස්ට්‍රා-සෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන්න කියලා. මේ සඳහා මූලික පියවර ලෙස අන්තර්ජාලය හරහා මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කලා.

ඕනෑම අයෙකුට http://chng.it/csPvWYxZwj වෙත පිවිසීමෙන් මේ පෙත්සමට අත්සන් තැබිය හැකියි.

ඊයේ තමයි අපි මේක පළකලේ. දැනට 5000 ක් 6000 ත් විතර අත්සන් කරලා තිබෙනවා. නමුත් අවම වශයෙන් 50,000 ක් හෝ අත්සන් කල යුතුයි අගමැතිවරයාට මේ සඳහා සලකා බැලීමක් කරන්න. ඒ සඳහායි අපි ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා සහය වන්න කියලා. අපි මේ පෙත්සම අගමැතිට වගේම සෞඛ්‍ය ඇමතිට යවනවා ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තියෙන ඇස්ට්‍රා-සෙනෙකා මාත්‍රා ලබාදෙන්න පියවර ගන්න කියලා.

දැනට මොන වගේ සංවිධානද ඔබලා සමග එකතුවී සිටින්නේ ?

නම් වශයෙන් කීවොත් පේරාදෙණිය / ජයවර්ධනපුර / කොළඹ යන විශ්ව විද්‍යාලවල ආදි විද්‍යාර්ථීන්ගේ සංගම් – කොළඹ විශාකා – දේවි බාලිකා වගේ පාසල්වල ආදි සිසු සංගම්. ඒ වගේම බෞද්ධ සංගම් විශේෂයෙන් බර්වික් පන්සල ආශ්‍රිත සංවිධාන වගේ පාර්ශව රැසක් අපි සමග එකතු වෙලා ඉන්නවා.

දින කීයක් ඇතුළතද මේ පෙත්සම භාර දෙන්න සැළසුම් කරලා තියෙන්නේ ?

ලබන 15 වනදා වනවිට අගමැතිට දෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. අදත් Zoom තාක්ෂණය හරහා රැස්වීමක් තියෙනවා. මේ සතිය වනවිට සියලු කටයුතු අවසන් කර ගැනීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ. අගමැති හමුවෙන්න අවස්ථාවක් ලබාගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ඔහුගේ නියෝජිතයන් සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. කොහොම උනත් මේ සියල්ල රඳා පවතින්නේ අන්තර්ජාල පෙත්සමට ලැබෙන අත්සන් ප්‍රමාණය මතයි. මේ වනවිට ලංකාවේ ඇති තත්වය ඉතා කණගාටුදායකයි. අපි පසුගිය මාස කිහිපයේදී ඒක දෑසින්ම දුටුවා ඒ නිසා අපි නැවතත් ඉල්ලීමක් කරනවා අපේ මේ අන්තර්ජාල පෙත්සමට සහය දක්වන්න කියලා. අපි කිසිම ආකාරයකින් එන්නත් ගණුදෙනුවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක රාජ්‍ය තාන්ත්‍රික කාරණයක්. අපි කරන්නේ මැදිහත්වීමක් පමණයි.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »