Search

සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක පිහි ඇනුම් ජිවිත දෙකක් අහිමි කරයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ඇතුලු ප්‍රදේශ දෙකක සිදු වූ පිහි අනුම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම අපරාධ සිදුවී ඇති බවයි ප්‍රාන්ත පොලිසිය නිවේදනය කළේ.

ඊයේ රාත්‍රී 8.25 ට පමණ සිඩ්නි ක්වෙකර්ස් හිල් ප්‍රදේශයේදී 28 හැවිරිදි තරුණයෙකු පපුවේ කැපුම් තුවාල සහිතව වැටී සිටියදී හමුවී තිබුණා.

ගිලන් රථ වෛද්‍යවරුන් ඔහුට මූලික ප්‍රතිකාර ලබාදී රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණ වී නොමැති අතර පිහි ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ අනන්‍යතාව ද පොලිසිය මෙතෙක් හෙළි කර නැහැ

මේ අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නැරෝමයින් ප්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගොස් තිබෙනවා.

16 හැවිරිදි පිරිමි ළමයෙකු ගෙල ප්‍රදේශයේ පිහි ඇනුම් තුවාල සහිතව ඊයේ රාත්‍රී 9ට පමණ රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට අදාළව අසල නිවසක සිටි 26 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට අදාළව මේ වන විට බාල වයස්කරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 14, 16 සහ 17 වයස්වල පසුවන ඔවුන්ට ප්‍රසිද්ධියේ පිහියක් රැගෙන යාම, ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හෝ සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

බදාදා අත්අඩංගුවට ගත් තවත් පිරිමි ළමුන් දෙදෙනෙකුට මෙතෙක් චෝදනා එල්ල වී නොමැති බව පොලිසිය සඳහන් කළා.

තවත් බාලවයස්කරුවන් තිදෙනෙකු සහ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින අතර මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති නැහැ.

සති දෙකට මෙල්බන් පාසැල් පරිශ්‍ර තුළ අනතුරු 3ක් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

අද දහවල් මෙල්බන් නගරය ආශ්‍රිත වතුර බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැණීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබෙනවා.

Read More »

COVID 19 හමුවේ ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය ගැන වෙනස්ම අනාවරණයක්

COVID 19 වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු සිසුන්ට දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයක් ලැබීමට සිදු වුවද එම කාලසීමාවේදී ඔවුන් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රට යන්න කලින් කළ යුතු දෙයක් ගැන ඔස්ට්‍රේලියා අලුත් Passport ලාභීන්ට විශේෂ දැනුම් දීමක්

ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභියෙකු හෝ අයදුම්කරුවෙකු නම් ඔස්ට්‍රේලියාවට හෝ ඉන් පිටතට යාමට පෙර ඔබට නව විදේශ ගමන් බලපත්‍රයක් තිබේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුය දැනුවත් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබගේ ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙයි

අඛණ්ඩව දෙවන වසරටත් ඔස්ට්‍රේලියානු ජනතාවගේ ආයු අපේක්ෂාව සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

Read More »